Picture
අද මිනිසා තාක්ෂණික වසයෙන් හා අධ්‍යාපනික වසයෙන් විශාල දියුණුවක් ලබා ඇත. ලංකාව වැනි රටවල පවා සාක්ෂරතාවය ඉතාමත් ඉහල අගයක පවතී. එය අප සියළු දෙනාගේම සතුටට හේතු විය යුත්තකි. වෙනදාට වඩා අප සංනිවේදනයේ සොදුරු නිම් වලලු විවර කරගෙන සිටීමද අප ලබා ඇති දියුණුවේ ම තවත් එක් අංගයක් පමණකි. මිනිසුන්ගේ ජිවිත පහසුව හා සැපය පිණිස මිනිසුන් විසින්ම නිර්මාණය කරගෙන ඇති දෑ අප්‍රමාණය. ඒ අතර.....
                                                                                  
                                                                                  සම්පුර්ණ පිටුවට 

 
 
යානීධ භූතානි සමාගතානි, භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු, අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං

තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ, මෙත්‌තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං, තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා

                                                              සම්පුර්ණ පිටුවට
 
 
එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමෙ. අථ ඛො අඤ්‌ඤතරා දෙවතා අභික්‌කන්‌තාය රත්‌තියා අභික්‌කන්‌තවණ්‌ණා කෙවලකප්‌පං ජෙතවනං ඔභාසෙත්‌වා යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං අභිවාදෙත්‌වා එකමන්‌තං අට්‌ඨාසි. එකමන්‌තං ඨිතා ඛො සා දෙවතා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි –

‘‘බහූ දෙවා මනුස්‌සා ච, මඞ්‌ගලානි අචින්‌තයුං;
ආකඞ්‌ඛමානා සොත්‌ථානං, බ්‍රූහි මඞ්‌ගලමුත්‌තමං’’.

                                         සම්පුර්ණ පිටුවට
 
 
කරණීයමත්‌ථකුසලෙන , යන්‌තං සන්‌තං පදං අභිසමෙච්‌ච;
සක්‌කො උජූ ච, සූජූ ච  සුවචො චස්‌ස මුදු අනතිමානී.

සන්‌තුස්‌සකො ච සුභරො ච, අප්‌පකිච්‌චො ච සල්‌ලහුකවුත්‌ති;
සන්‌තින්‌ද්‍රියො ච නිපකො ච, අප්‌පගබ්‌භො කුලෙස්‌වනනුගිද්‌ධො.
                                                            සම්පුර්ණ පිටුවට

 
 
ඇණවුම් පිරිත
යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණා එත්ථ ලෝකන්තරේවා
භුම්මා භුම්මා ච දේවා ගුණගණගහණබ්‍යාවටා සබ්බකාලං
ඒතේ ආයන්තු දේවා වරකණකමයේ මේරු රාජේ වසන්තො
සන්තො සන්තෝ සහේතුං මුණිවර වචනං සෝතු මග්ගං සමග්ගං

 සම්පුර්ණ පිටුවට
 
 
Picture
බුදු රජාණන් වහන්සේ රජ සැප සහිත ගිහි දිවිය අත්හල සේක. ජිවිතයේ සියළුම අපෙක්ෂාවන් ඉවතලා. ඒ උතුම් අමා නිවනට පත්වීම එකම ඉලක්කය කරගත් සේක. එසේ කරගත් බෝසතාණන් වහන්සේ අප්‍රමාණ වු වීර්‍යය ගෙන ලෝකයේ කිසිවෙකුත් නොදැන සිටි ඒ තථාගත ශ්‍රි සද්ධර්මය අවබෝධ කොට වදාළ සේක. එසේ අවබෝධ කරගත් ධර්මය තුලින් අතීතයත් අනාගතයත් වර්ථමානයත් දුටු සර්වඥයන් වහන්සේ. ලෝකය හා ලෝකය තුල පවතින ක්‍රියාකාරීත්වය ගැන මනා අවබෝධයෙන් යුතුව ලෝකය ඇසුරු කල සේක. 

නොයෙක් දුක් ගිනි හා මුසුව දිවිගෙවන සත්වයන්ගේ ඒ සියළුම දුක් ඇති වෙන අයුරු හා ඒවා පවතින අයුරුත්, ඒවායෙන් ඒ අයට මිදිය නොහැක්කේ මක්නිසාද යන වගත් දැක වදාළ බුදු රජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව ඒ බව ලෝකයට පෙන්වා වදාළ සේක. මෙසේ වදහල දහම් මග කිසිවෙකුටත් බලෙන් නොදුන් මේ ධර්මය හැම විටම නුවණෑති සත්පුරුෂයන්ට පමණක් ගෝචර වන දහම් මගක් බව පෙන්වා දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙන්නන් වාලේ ජිවත් වීම හා අකුසලයන් සමග ගෙවන ජීවිතය අගය නොකල අතර හැම විටම ධර්මයෙන් යුතුව ගෙවන අර්ථයක් කරා යන ජීවිතයම අගය කොට වදාළ සේක. ඒ මිනිසුන් තුල ධර්මය කෙරෙහි උනන්දුවක් ඇති කරවීම පිණිස නොව සත්‍යයත් යථාර්ථයත් එය බැවිනි. 

එවැනි අවස්ථාවක භික්ෂුන් වදාළ ගාථාවක් මෙසේ ය. 

යො ච වස්‌සසතං ජීවෙ, අපස්‌සං ධම්‌මමුත්‌තමං;
එකාහං ජීවිතං සෙය්‍යො, පස්‌සතො ධම්‌මමුත්‌තමං.

යමෙක් කෙනෙක් අවුරුදු සියයක් උතුම් ධර්මය නොදැන ජිවත් වුවත් ඒ තැනැත්තාගේ ජීවිතයට වඩා ධර්මය අවබෝධ කරගත් තැනැත්තාගේ එක දවසක ජීවිතය වටින්නේ ය. 

හින්දූ යෝගීන් නිසා ලොවට දායාද වු ජොතිස ශාස්ත්‍රයට අනුව එළඹෙන සිංහල හින්දු අළුත් අවුරුද්ද ජිවිතය හා තදින් බැදී ගිය ආගමික චාරිත්‍රයක් වැනිව ඇත. ඒ හැමටම ඒ බුදු රජාණන් වහන්සේ විසින් ලබා දුන් දහම් අවවාදය වටහා ගෙන මේ ඇරඹෙන වසර තුල ධර්මය සමීප වන්නට කටයුතු සලසා ගනිමින් බුදු වරුන් විසින් පසසන ලද සත්පුරුෂයෙකු වන්නට වාසනාව ලැබේවායි පතමි. සියළු දෙනාට මේ ලබන්නා වු වසර තුල සීලාදී ගුණ දහම් මත ගුණ දියුණු කරන්නට ශක්තියත් බලය ලැබේවා

පෙර ලෝකය තුල වාසය කරන ලද සාධු සිත් ඇති සත්පුරුෂයන් විසින් ලෝකයට අරුතක් වනු පිණිසත් සමගි දහම් වැඩි දියුණු කිරීම පිණිසත් සම්මත කරන ලද මේ යහපත් චාරිත්‍ර වාරිත්‍ර වලට එක්කරගෙන ඇති දෙලොව වනසන මහා අකුසල දහම්වලින් වැලකී කටයුතු කරන්නට සිත් පහල වේවා. මත් පැන් මත් ද්‍රව්‍ය මත්කුඩු වලින් තොරව කටයුතු කිරීමේ වටිනාකම හැමගේම සිත් සතන් තුල පහල වේවා. තෙරුවන් සරණයි. 


 
 
Picture
සසර කියන්නේ මහා භයානක තැනක්. කොයි මොහොතේ වෙන් වෙයිද කියන්න බැහැ. අද බඹලොව, දෙව්ලොව සැප විඳින කෙනෙක් හෙට අපායෙහි නිරා දුක් විඳින්න පුළුවන්. කවර අයකු පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත්වෙන්න පුළුවන්. ඒ සසර හැටි.

එසේනම් මේ අනියත වූ දුක් බහුල වූ ගොරබිරම් වූ සසරින් මිදෙනවා හැර වෙනත් කළයුතු දෙයක් නැහැ නේද? එයින් මිදෙන්නට කුමක් කළ යුතු ද? පළමුව සසර දුකක් බව තේරුම් ගත යුතුයි. එහි කළකිරීම ඇතිකර ගත යුතුයි. ඉන්පසු දුක නැති කරන ප්‍රතිපදාවට අනුගත වී කටයුතු කළ යුතුයි. දුක නැති කිරීම නිවන නම් ඒ නිවන් ලැබෙන ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කළ යුතුයි.

දීර්ඝ කාලයක් තිස්සේ අනන්ත සංසාරයේ විඳගෙන එන දුක, ස්ථාවර වශයෙන් කෙළවර කිරීමේ ආරම්භය සෝතාපත්ති ඵලයයි. ලෝකයේ ලෞකික සැප අතුරෙන් අග්‍රම සැප ලැබුණත් ඒ කිසිදු සැපයකට සෝතාපත්ති සුවය සම කළ නොහැකියි. සෝතාපත්ති සංයුක්තයේ රාජ සූත්‍රයේ දී ඒ බව මෙසේ සඳහන් වෙනවා.

මහණෙනි, සිවු මහ ද්වීපනයටම අධිපති සක්විති මහරජතුමා මහත් ආධිපත්‍යයෙන් රජ කරවා මරණින් මතු දෙව් ලොව උපදී. ඔහු නන්දන වනයෙහි අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය පංචකාම ගුණයන් අනුභව කරයි. එහෙත් ඔහු සතර ධර්මයකින් සමන්විත නො වුණහොත් නිරයෙන් මිදුණේ නොවේ. තිරිසන් ලෝකයෙන් මිදුණේ නොවේ. පේ‍්‍රත ලෝකයෙන් මිදුණේ නොවේ. අපාය දුගතියෙන් මිදුණෝ නොවේ.

“මහණෙනි, එසේ වූයේ නමුදු යම් ආර්ය ශ්‍රාවකයෙක් පිඬුසිඟා යාමෙන් ජීවත්වේද, කඩමලු දරා ද ඔහු සිවු දහමින් සමන්විත වූයේ නිරයෙන් මිදුණේ වෙයි. තිරිසන් ලෝකයෙන් මිදුණේ වෙයි. ප්‍රේත ලෝකයෙන් මිදුණේ වෙයි. අපාය දුගතියෙන් මිදුණේ වෙයි.

මේ සතර ධර්මයන් මොනවාද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම. ධර්මය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම, සංඝරත්නය කෙරෙහි අචල වූ ප්‍රසාදයෙන් යුක්තවීම හා ආරියකාන්ත සීලයෙන් යුක්තවීමයි. මේ සෝවාන් කෙනෙකු සතු ගුණාංගයි. මිනිස් ලොව මිනිසෙකුට විඳිය හැකි ඉහළ ම ලෞකික වූත් පංචකාම ගුණ සහිත වූත් සුවයක් වනුයේ සක්විති රජකමයි. එසේ වූයේ නමුත් සක්විති රජතුමා හෝ සෝතාපත්ති ඵලයට පත් වී නැත්නම් අපායගාමී වීමේ බයෙන් නිදහස් වන්නේ නැහැ. සතර අපා බියෙන් නිදහස්වීමේ උත්තම සුවය සැළසෙන්නේ සෝතාපත්ති ඵලයේ පටන් ඉහලම මගඵල ලැබූ උතුමන්ට පමණයි. ඒ සඳහා ධම්මපද අට්ඨකථාවේ එන කාල සිටුපුත්‍රයාගේ කථාව හොඳ උදාහරණයක්.

කාල සිටු පුත්‍රයා අනේපිඬු මහ සිටුතුමාගේ පුතණුවනුයි. තමා කෙතරම් සැදැහැවත් උපාසකයෙකු වුණත් තමන්ගේ පුතා එසේ නොවීම පිළිබඳ ව සිටුතුමාට තිබුණේ මහා කණගාටුවක් ශ්‍රද්ධාවක් නැති සීල ගුණයක් නැති මේ අකීකරු පුත්‍රයා කෙසේ හෝ හදා ගැනීමේ වුවමනාව සිටුතුමාට තිබුණා. ඒ නිසා දිනක් සිටුතුමා තම පුතා කැඳවා අසවල් දින පෝය උදාවන බවත්, එදින පන්සලට ගොස් සිල් සමාදන් වුවහොත් කහවණු සියයක් දෙන බවත් පැවසුවා. සිටුපුත්‍රයා කහවුණු ලබා ගැනීමේ අදහසින් පන්සලට ගියා. සිල් සමාදන් වී ධර්ම ශාලාවේ මුල්ලකට වී නිදා ගත්තා. පසු දා උදෑසන පිබිදී ගෙදර ගිය පුතාට සිටුතුමා මුදල් ලබා දුන්නා. සිල් සමාදන් වී ආවාට මොහු තුළ කිසිදු ගුණ ධර්මයක් දියුණු වී නොමැති බව සිටුතුමාට අවබෝධ වුණා.

ඉන්පසු තවත් මාසයක පෝය දිනක තම පුතා කැඳ වූ සිටුතුමා පෝය දිනට පන්සල් ගොස් සිල් සමාදන් වී බණ පදයක් අසා මතක ලබාගෙන අවුත් තමාට පැවසුවහොත් කහවුණු දහසක් දෙන බව ප්‍රකාශ කළා. එයට එකඟ වූ සිටුපුත්‍රයා එදා පන්සලට ගොස් ධර්ම ශාලාවේ ඉදිරියෙන්ම වාඩි වී බණ අසන්නට වුණා.

මෙම සිටු පුත්‍රයාගේ මානසික ස්වභාවය ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණයෙන් තේරුම් ගත් තථාගතයන් වහන්සේ මොහුට එකවර මතක ලබාගත නොහැකි වන සේ තැනින් තැනි ගෙන ධර්ම කාරණා විස්තර කළා. කෙසේ හෝ සතියෙන් සහ වීර්යයෙන් යුතුව බණ ඇසු කාල සිටුවරයා ප්‍රහාණය කළ යුතු කෙලෙස් ප්‍රහාණය කොට සෝතාපත්ති ඵලයෙහි පිහිටියා.

වෙනදා මෙන් රාත්‍රිය පන්සලෙහි ගතකළ සිටු පුත්‍රයා උදෑසන පිබිදී ‍ෙගදර ගියා. ඒ වන විට තථාගතයන් වහන්සේ ද උදේ දානයට සිටු මැදුරට වැඩම කර සිටියා. වෙනදා පළමුව මුදල් ඉල්ලා කරදර කළ සිටු පුත්‍රයා එදා නිහඬව සිටියා. මේ කිසිත් නොදත් සිටුතුමා පොරොන්දු වූ පරිදි කහවණු දහස ගෙන තථාගතයන් වහන්සේ ඉදිරියේදීම තම පුතාට දුන්නා. එනමුත් සිටු පුත්‍රයා එය පිළිගත්තේ නැහැ. පුතාගේ මේ වෙනස සිටුතුමාට තේරුම් ගන්නට නොහැකි වුණා. හෙතෙම මුදල් එපා කියන්නේ ඇයි දැයි විමසුවා. එවිට ඒ සඳහා තථාගතයන් වහන්සේ ගාථාවකින් පිළිතුරු දුන්නා.

පථව්‍යා ඒකා රජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්ති ඵලං වරං

සමස්ත මහ පොළොවෙහි ම අධිපතිකම හෙවත් සක්විති රජකම ලැබුණත් දෙව්ලොව ඉපදෙන්නට අවස්ථාව ලැබුණත්, මුළු ලොවටම අධිපති මහා බ‍්‍රහ්මකම ලැබුණත් ඒ හැම සම්පතකට ම වඩා සෝවාන්වීම උතුම් යන්න ඒ ගාථාවේ අදහස.
එහෙම වන්නේ ඇයි? සක්විති රජතුමා වුවත් අපාය බයෙන් නිදහස් වී නැහැ. දෙව්ලොව දෙවියෙකු වූ පමණින් හෝ සක්දෙව් රජ වූ පමණින් මහා බ්‍රහ්ම වූ පමණින් ඔවුන් අපාය බයෙන් නිදහස් වී නැහැ. ‘’මම කවදාවත් අපායේ උපදින්නේ නැතැයි’’ අභීතව කිව හැක්කේ අවම වශයෙන් සෝවන් ඵලයට හෝ පත් වූ කෙනෙකුට පමණයි.

උපුටා ගන්නා ලද්දේ නැග ගන්න මිතුරණි අවසන් නෞකාවට නැමැති සමූයෙන්ය. 

 
 
Picture
අප වටා ඇති ලෝකය හැම විටම අපේ සිත තුල ගොඩ නැගෙන පිළිබිඹුවකි. ඔබ සතුටින් නම් යහපත් සිතිවිල්ලෙන් නම් ඔබ වටා ඇති ලෝකයෙහි ඇති සතුට හා යහපත් බව ඔබට පෙනෙනු ඇත. ඔබට අවශ්‍යව ඇත්තේ ශාන්ත සංසුන් බව නම් ඔබ විසින් එය මුලින්ම ගොඩ නැගිය යුත්තේ ඔබේ මනස තුලය. එවිට ඔබට ලෝකය තුල පවතින සාමය හා සංසුන් බව දැක්ක හැකිය. 

ඔබේ නෙත් නොපෙනේ නම් ලෝකය කෙතරම් ආලොක්වත් වුවත් ඔබට එයින් ප්‍ර යෝජනයක් නොමැත්තා සේ. ඔබ සිතන පිළිවෙල වැරදි නම් ලෝකය කෙතරම් යහපත් තැනක් වුවත් ඔබට එයින් ප්‍ර යෝජනයක් අත් නොවේ. මේ කරුණු ගැන සිතන්න ජිවිතයට යමක් එකතු කරගන්නට උත්සාහ කරන්න. බුදු රජාණන් වහන්සේ විසින් පෙන්වා දීමට උත්සාහ කරන ලද්දේ කුමක්දැයි දකින්නට ඔබේ සිත යොමු කරන්නේ නම් ඔබේ ජිවිතය තුල පවතින බොහෝ ගැටළු සහගත දේට එයින් පිළිතුරු ලැබෙන හැටි දැක  ඔබ පුදුම වේවි.

ලෝකයෙන් සතුට සොයා ඇවිදින්න එපා ඔබ ලෝකයට සතුටක් වන්න. එවිට ඔබට දැනේවී ඔබ වෙනාදාට වඩා සතුටින් පසුවෙන බව . ඔබට තෙරුවන් සරණයි

 
 
Picture
මෛත්‍රිය වැඩීමෙහි අනුසස් හා මෛත්‍රි භාවනාව වඩන අයුරු ගැන ජිවිතය සැපවත් කරන බෞද්ධ භාවනාව දෙවෙනි ලිපියෙන් හදුන්වා දෙන්නට යෙදුණු අතර ඒ ගැන වැඩිදුරටත් යමක් කීම සදහා මේ ලිපිය තුලින් අදහස් කරමි. මෛත්‍රිය යනු අන් සත්වයන්ට සැප උපදවනු කැමැති බවයි. තමන් සේම අනිත් අයටත් කායික හා මානසික පිඩාවන්ගෙන් තොරව වාසය කිරීමට හැකි නම් කොපමණ හොදද යන සිතිවිල්ල පවා කෙතරම් යහපත් දැයි සිතා බලන්න. ඔබ ඔබේ හොදම යහළු යෙහෙළියන් සමග වාසය කරන විට අරක ගන්නද එහෙම නැත්නම් මේක ගන්නද කියා හෝ ඇසීමක් කලයුතු නොවේ. මක් නිසාද ඔවුන් හැම දෙනාම වාගේ තමන් ප්‍රාණ සම යහළුවන් වන බැවිනි. 

මදක් සිතන්න. ඔබ යමෙකුගේ නිවසට ගිය විට එහි සිටින අය නාදුනන පිරිසක් නම් ඔබට ඒ නිවසේ තමන්ගේ නිවසේ මෙන් හැසිරීමට ඉඩක් නැත. ඔවුන් ඔබ කෙරෙහි අනුකම්පා සහිත වුවත් ඔබගේ හිත ඔබට එය සැහැල්ලුවෙන් ගෙන පසුවෙන ලෙසට පවසන තුරාම ඔබේ සිතට එකගව අවට පරිසරය තමන්ට වඩාත් සමීප බව වැටහෙන තුරාම ඔබ ඒ නිවසේ ගන්තුකයෙකු බවට පත් වේ. මෙවන් අවස්ථාවකදී ඔබ පත්වෙන අපහසුතාවය ගැන ඔබ සිතා තිබේද..? සත්‍ය වසයෙන්ම එය මහත් අපහසු කටයුත්තකි. ඔබට යමක් කන්නට ඕනෑ වුනත් ඔබ බෙදාගන්නේ වෙන එකකි. ඔබට යමක් කියන්නට ඕනෑ වුනත් ඔබට සිදුව ඇත්තේ තුෂ්නීම්භූතව සිටීමටයි. ඔබගේ ශරීරකටයුතු පවා ඔබට නිදහසේ සිදුකරගැනීමට ඔබගේ සිත ඔබට ඉඩ නොදෙයි ඒ මක් නිසාද ඔවුන් තවමත් ඔබට නුහුරුයි. ඔවුන් ඔබ ගැන කුමක් සිතනවා ඇද්ද. ඔවුන්ට ඔබේ පැමිණිමෙන් කරදරයක් වීද. ඔබේ සිත තුල දහසකුත් ගැටළු ඇතිවා විය හැකිය.


                                                                                                              සම්පුර්ණ ලිපියට මෙතැනින්

 
 
මෙය කියවන ඔබෙන් කරන ඉල්ලීමක් ලිපියේ පහතම කෙළෙවරේ ඇත. ඒ වෙත ඔබේ අවධානය යොමුවෙනු ඇතැයි සිතමි..
Picture

භාවනාවන් අතුරින් බොහෝ සැප පිණිස පවතින භාවනාවකි මෛත්‍රි භාවනාව. මෛත්‍රි භාවනාවෙන් යුතු තැනැත්තාගේ මනස ද්වේෂය නිසා ඇති වෙන සියළු දුක් සහගත මනෝභාවයන්ගෙන් තොර සන්සුන් සාන්ත මනසක් බවට පත් වේ. එම සන්සුන් බව සදන සැපය අති මහත්ය. බුදු රජාණන් වහන්සේ භික්ෂුන් අමතා දිනක් මෙලෙස දේශනා කොට වදාළ සේක.

මහණෙනි, මෛත්‍රිය මුල් කරගෙන සිත තුල ඇති කරගන්නා යම් විමුක්තියක් වේද..(චේතොවිමුක්තියා) එය ඇසුරු කරන , දියුණු කරන, නිතර නිතර වඩන, නැගී යන වාහනයක් සේ ඒ තුලටම පිවිස වාසය කරයිද, ඇද සිටින වස්ත්‍රයක් සෙයින් සිත එය සමග නිතරම තබාගනිද, මෛත්‍රි විමුක්තියෙන් ම වාසය කරයි, එයම හැම විටම ප්‍රගුණකරයිද, ඔහු හට ආනිසංසයන් එකොළහක් ලැබේ...

ඒවා නම්.

01.ඔහු සුවසේ නින්දට යයි.
02.සුවසේ අවධිවෙයි
03.නපුරු සිහින නොදකියි.
04.මනුස්සයන්ට ප්‍රිය වු පුද්ගලයෙකු වේ.
05.අමනුස්සයන්ටද ප්‍රිය වු පුද්ගලයෙකු වේ.
06.දෙවියන්ගෙන් පවා ආරක්ෂාව ලබයි
07.ගින්නේන් වස විසෙන් අවි ආයුධ වලින්ද, උපද්‍රව නොවෙයි.
08.වාහා ඔහුගේ සිත සමාධිගත වේ.
09.මුහුනේ බොහෝම පැහැපත් පෙනුමින් යුතුවේ.
10.ඔහු කළුරිය කරන විට නුමුලාසිහියෙන් යුතුව කළුරිය කරයි.
11.මේ ජිවිතයේදී අරිහත්වයට පත් නොවුයේ නම් ආනාගාමීව බඹලොවට පැමිණෙයි.

මහණෙනි, මේ සියළුම ආනිසංසය ලැබෙනුයේ ඉහත සදහන් පරිදි මෛත්‍රිචේතො විමුක්තියෙන් යුතුව වාසය කිරීම හේතුකරගෙනය. 

මේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ආනිසංස එකොලසක් ඇති බව දේශනා කොට වදාරණ ලද අතර එම උතුම් භාවනාව තථාගත ශ්‍රාවකයන් විසින් මනා ශ්‍රද්ධාවෙන් යුතුව හුරු පුරුදු කරන්නට සිතට ගත් යුතුය. එයින් තම තමන්ගේ සිත් තුල ඇති ද්වේෂ උල් ඉවත්වී ඒ තරහා අමනාප කම් හා වෛරී පැවැතුම් නිසා ඇති දුක්ගිනි නිවී නිවුනු සැනසුන ශාන්ත වු සිතක් ඇතිව වාසය කිරීමේ මහා වාසනා ගුණයක් ඔබටද අත්කරගත හැකිය. ඉහත සුත්‍ර දේශනාවෙන් දැක්වුයේ..මෙත්තා චේතොවිමුක්තිය ගැනය. එනම් මෛත්‍රි ධ්‍යාණයෙන් ලබන නිවරණයන්ගෙන් සිත නිදහස් කරගැනීමයි. ඒ කෙසේ වෙතත් අපට එක පාරටම එතැනට යා නොහැකිය. අප විසින් කලයුත් වන්නේ ඉන්නා තැනින් පටන් ගැන්ම හා තිබෙන දේ පාවිච්චි කිරීමය. එබැවින් ඔබත් සිටින තැනින් පටන්ගන්න. තිබෙන දේ පාවිච්චි කරන්න.

මෛත්‍රි භාවනාව ගැන වැඩි හුරුවක් හා දැනුමක් නැති කෙනෙකු නම්  දැන් ඔබ සිටින්නේ කිසිවක් නොදන්නා කෙනෙකු ලෙසය. එය වරදක් නොවේ. ඔබට  තියෙන්නේ ඒ ඉන්නා තැනින් පටන් ගැනීමය. ඔබ ලග කිසිවක්ම නැතිනොවේ ඔබ තුල නොදන්නා දේ ගැන ඉගෙනීමේ හැකියාවත් ධරාගැනීමේ හැකියාව හා යම් ඉල්ලකයක් කරා මනස මෙහෙයවිමේ හැකියාවත් හොදින්ම පවතී. සති සමාධිගුණ වැඩී දියුණු වී නොතිබුනද ඔබ තුල ඒ සදහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරගැනීමට අවැසි අවම සුදුසු කම් හෝ ඇත්තේ ය. එබැවින් සිටින තැනින් පටන් ගෙන තිබෙන දේ පාවිච්චි කරමින් අප ඉදිරියට යමු.

මෛත්‍රිය යනු ද්වේෂයට ප්‍රතිවිරුද්ධ මනෝභාවයයි. ද්වේසය තරහගතිය, හා අමනාපකම් අප තුල කාය දාහයත් මානසික දාහයත් ඇති කරවනු ලබන අතර, මෛත්‍රිය සිහිලැල් දියත්තක් සේ සිත කය දෙකම සිහිල් කරයි. සැනසීමට පත් කරනු ලබන්නේ ය. දිනක් මේඝිය නැමැති භික්ෂුවට බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. මේත්තා භාවේතබ්බා දෝසස්ස පහාණාය. සිත තුල වතින ද්වේෂ සහගත හැගීම් ඉවත් කර ගැනීමට මෛත්‍රිය දියුණු කරන්න. මෛත්‍රි භාවනාවේ අරමුණ කුමක්ද යන්න අපට එයින් පැහැදිලි කරගත හැකිය. මෛත්‍රි සහගත මනෝභාවයන් සිත තුල වගා කරන විට ද්වේෂ සහගත මනෝභාවයන්ට සිත තුල තව දුරටත් තම අනසක පවත්වන්නට නොහැකිව යන්නේ ය.  ගින්නක් ඇති තැනකට දිය ගලායාමට සැලැස්සුවෝතින් ගින්න සම්පුර්ණයෙන්ම නිවි යන්නාක් මෙන්ම දියෙන් අවට වට පිටාවත් තෙත් වී සිසිල් වී යන්නාක් මෙන් සිත තුල මෛත්‍රිය ගලායන්නට සැලැස්වීමෙන් සිතද මෙත් ජලයෙන් තෙත් කල හැකිය.  අප මේ මෛත්‍රි භාවනාව ලෙස කරන්න යන්නේ එයයි.

මෛත්‍රි භාවනාව වඩන ක්‍රම බොහෝමයක් ඇති නමුත් මෙහිලා මාගේ සිත ගත් එක් ක්‍රමයක් පෙන්වා දීමට අදහස් කරමි. මෙය දිසාපරණ මෛත්‍රි විහාරයයි. එය සිදුකරනු ලබන්නේ මෙසේ ය. 
මුලින්ම භාවනාවට වාඩී වී සිත මෛත්‍රි හැගීමෙන් පුරවා ගත යුතුය. එය මෙසේ කල හැකිය. 

මම වෛර නොවෙමි, තරහ නොවෙමී, නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි. !!! මෙසේ වචනයක් ලෙසින් පමණක් නොව හැගීමක් ලෙසින් දැනෙන ලෙස හිමින් සජ්ඣායනා කරන්න මහ හඩින් නැතිව ශාන්තව සජ්ඣායනා කරන්න. වේගයෙන් හෝ මන්දගාමීව නැතිව ලයාන්විතව සජ්ඣායනා කරන්න. එසේ විනාඩි 10ක් පමණ මෛත්‍රි සිත ගොඩ නැගෙන්නට භාවනා කරන්න.

පසුව මෙසේ එය දස දිසාවටම යොමු කරන්න.....මෙය  මුලින් එක් වාක්‍යයක් ලෙස සජ්ඣායානා කරන්න. එය හුදු සජ්ඣායානාවක් ලෙසින් නොව හැගීමක් කියවීම වැනි විය යුතුය. 

මා මෙන්ම මේ නිවසේ පටන් දසදිසාවේම වසන්නා වු සියළු මනුස්සයො වෛර නැත්තෝ වෙත්වා , තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. 
මේ නිවසේ පටන් දසදිසාවේම වසන්නා වු සියළු දෙවියෝ වෛර නැත්තෝ වෙත්වා , තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. 
මේ නිවසේ පටන් දසදිසාවේම වසන්නා වු සියළු තිරිසන් ප්‍රාණින් වෛර නැත්තෝ වෙත්වා , තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. 
මේ නිවසේ පටන් දසදිසාවේම වසන්නා වු සියළු භූත පිංවතුන්ද.වෛර නැත්තෝ වෙත්වා , තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
සියළු සත්වයො වෛර නැත්තෝ වෙත්වා , තරහ නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මෙසේ විනාඩි දහයක් පමණ දසදිසාවට මෙත් වැඩීම කරන්න මෙලෙස භාවනාවේ යෙදෙන්න මෙම විනාඩි විස්සක කාලය ටිකින් ටික ටිකින් ටික ඔබට වැඩි කරගත හැකිය. 

දැනගත යුතු වෙනත් කරුණු....

භාවනාවට ඔබ තවමත් ආධුනික කෙනෙකු නම් මුහුණ අතපය සෝදා ඒ සදහා යම් සුදානමක් වීමත් විවේකි නිසංසල තැනක වාඩී වී භාවනා වැඩීමටත් සිතට ගන්න. එවිට අවුල් සහගත පරිසරයෙන් මිදීම නිසා සිතට ඇති වෙන සහනකාරී බව භාවනාමය සිතට පිවිසීමට ඔබට පහසුව ගෙන දෙනු ඇත. 

එසේම සිත තුල සාමය පවත්වා ගැනීම පිණිස දැඩී ඕනෑ කමක් ඇති කරගන්න. භාවනාවේ ඇති වටිනාකම දැක එය කෙරෙහි බලවත් ඡන්දයක් ඇති කරගන්න. එවින් වටිනා භාවනාමය අද්දැකීමක් ලබා ගැනීමට සිත තුල අධිෂ්ඨායක් ඇති කරගන්න, එසේම දුෂ්කරතාවයන් මැඩපවත්වා ගනිමින් භාවනාව ඉදිරියට කරගෙන යන්න මානසිකව උත්සාහය පවත්වා ගන්න, භාවනාව වඩාත් නිවැරදිව කරන අයුරු හා භාවනාව කරන විට සිත තුල කිසි වැඩීමක් නොවන්නේ නම් ඒ මක්නිසාද යන්න ගැනත් මදක් සිතා බලන්න. 

.....................................................
ඔබෙන් කරන කාරුණික ඉල්ලීම............

කුඩා කල පටන් දෙමව්පියන්ගේ රැකවරණයෙන් බැහැරව ජීවත් වු ඉතාමත් ම යහපත් ගති ගුණ වලින් හෙබී , බොහෝ අයගේ ආදරය දිනාගත් කාන්තාවක් වන හුනුපිටියේ චිත්‍රාණිප්‍රනාන්දු පිංවතිය මේ වන විට පිළිකා රෝගයකින් දැඩි ලෙස ගිලන්ව වාසය කරනු ලබන අතර වෛද්‍ය වරුන් පවසා ඇත්තේ ..ඇයව බෙරා ගැනීමට නොහැකි බවයි ඇට මිදුළු දක්වා පැතිරුණු පිළිකාවට ප්‍රතිකාර කර රෝගීයා බේරා ගැනීමට දැන් කල් මදියැයි වෛද්‍ය වරුන් පවසන බැවින්...ඇයගේ ජිවිතයේ ඇය කුඩා අවදියේ පටන් බොහෝ දුක් සහිත ජිවතයක් ගත කල කෙනෙකු බවත්. එනිසාම ඇයගේ ජිවිතයේ මේ අවසාන මොහොත සන්සුන් යහපත් අවස්ථාවක් වීම පිණිස ආශිර්වාද කරන ලෙසත් අප හිතවත් අයෙක් අපගෙන් ඉල්ලීමක් කරන ලදි. ඒ සදහා අළුයම නැගිට මෙත්තානිසංස පිරිත කියා මෛත්‍රි වැඩුයෙමි. එසේ කර මෙම මෛත්‍රි භාවනාවේ ඇති වැදගත් කම හා මෛත්‍රි භාවනාව කරන අයුරු දක්වා ලිපියක් සකස් කර ඇයගේ සිතට ශක්තියක් වීමටත්, ඇයට සුවපත් සිතකින් යුතුව අවසාන මොහොතට මුහුණ දෙන්නටත් ශක්තිය ලැබේවා යයි මෛත්‍රි සිත් ඇති අය විසිනුත් ප්‍රාර්ථනා කරනු ඇත් නම් වටී ය යන අදහස තුල මෙම ලිපිය ලිවීමි. 

ඔබ සැමට අපගේ මෛත්‍රි සිත වටහා ගත හැකි වෙනු ඇතැයි සිතමි. ඔබගේද මෛත්‍රි සිත ඇය වෙත යොමු කරන්න.. ඇයට සුවපත් නිවුණු සිතකින් මේ දුක්බර මොහොතට මුහුණ දෙන්නට ධර්ම බලයෙන් හා අපගේ මෙත් සිත් බලයෙන් හැකියාව ලැබේවායි මෙසේ ඔබට ඇය වෙනුවෙන් මෛත්‍රි කල හැකිය.
2012.03.29 දින දීය.