ආධ්‍යාත්මික ජිවිතයෙහි විශ්මිත හෙලිදරව්ව. 01
හැරි බලමු අපේම මනසින් ඒ ගැඹුරු අතීතයට නිමේෂයක්.
අද මිනිසා තාක්ෂණික වසයෙන් හා අධ්‍යාපනික වසයෙන් විශාල දියුණුවක් ලබා ඇත. ලංකාව වැනි රටවල පවා සාක්ෂරතාවය ඉතාමත් ඉහල අගයක පවතී. එය අප සියළු දෙනාගේම සතුටට හේතු විය යුත්තකි. වෙනදාට වඩා අප සංනිවේදනයේ සොදුරු නිම් වලලු විවර කරගෙන සිටීමද අප ලබා ඇති දියුණුවේ ම තවත් එක් අංගයක් පමණකි. මිනිසුන්ගේ ජිවිත පහසුව හා සැපය පිණිස මිනිසුන් විසින්ම නිර්මාණය කරගෙන ඇති දෑ අප්‍රමාණය. ඒ අතර.....
01. ගමන් බිමන් සදහා යොදා ගන්නා වාහන
02.බර වැඩ සදහා යොදා ගන්නා බහුකාර්ය යන්ත්‍ර
03.දියමත පිට විශාල ප්‍රමාණයේ භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මුහුදු යාත්ර
04.අහසින් ගමන් යා හැකි අහස් යාත්‍රා
05.දුර කථන සම්බන්ධතාවයන් හා අන්තර්ජාල සම්බන්ධතාවයන්.
06.රූපවාහිනි යන්ත්‍ර හා ගුවන්විදුලී සංනිවේදන පහසුකම්.
යන ඉහත දේවල් පමණක් නොව තවත් බොහෝමයක් දෑ නිශ්පාදනය කර භාවිතා කරමින් මිනිසා තමන්ගේ ජිවිතය හා බැඳුණු කාර්යයන් ඉතා පහසුවෙන් සිදු කරගැනීම පිණිස අවශ්‍ය සියළු පහසුකම් නිර්මාණය කරගෙන ඇත්තේ ය. ගෘහාශ්‍රිත ජිවිතයෙහි ඇති නොයෙක් කාර්යයන් අද පහසුවෙන් ඉටු කරගැනීමට අවශ්‍ය කරන සෑම දෙයම මිනිසා සමීපයෙහි ඇත. පෙර කළගෙඩිවලින් වතුර රැගෙන ඒම අද විහිළුවක් තරමටම අනවශ්‍ය දෙයක් වී ඇත. දර සොයා යාම අද නාගරික සමාජයට කිසිසේත් අවශ්‍ය නැත. අඩුම තරමේ අතින් පොල් මිරිකා ගැනීම මිරිස් ඇඹරීම පවා අද අවශ්‍ය නොවේ ඒ සෑම ක්‍රියාවකටම තාක්ෂණික උපකරණ මිනිසාගේ උදව්වට ලගට පැමිණ ඇත.
ගොවියාගේ ජිවිතයෙහි පෙර වු දුෂ්කරතාවයන් අද නැත, කුඹුරු සී සෑම, වැපිරීමේ පටන් වී ගෙට ගැනීම දක්වාම ඒ ඒ කාර්යයන්ට උපකාරවත් යන්ත්‍ර සුත්‍ර ඇත. ලී වඩුවන්ට , මේසන් බාස් වරුන්ට, ගල්විදින්නන්ට හා නොයෙක් අත්‍යාවශ්‍ය කාර්යයන් හී නිරත වන්නන්ට පමණක් නොව අනවශ්‍ය ක්‍රියාවන් වල යෙදෙන මිනිසුන්ට පවා ඒවාට අවශ්‍ය කරන උපකරන වෙළඳපොළවල ඕනෑ තරම් ඇත්තේ ය.
මේ තරම් මිනිසාගේ ජිවිතය පහසු කරන ලද මුත් මිනිසා තවමත් විවේකීව පසුවෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන් කොපමණ කාර්ය බහුල වීද යත්, පන්සලකට යාමට සිල් සමාදන් වීමට, බණක් භාවනාවක් කිරීමටවත් ඔවුන්ට කාලයක් නැත. ඔවුන්ගේ අවිවේකී ජිවිතය කොතරම් කාර්යබහුල වීද යත් ගෙවල් දොරවල් පවා රැදී විවේක ගැනීමටවත් ඔවුනට විවේකයක් නැති බව පවසති. ගෙවල් දොරවල් වල දෙමව්පියන් දරුවන් එකතු වී ආහාර ගන්නේ ඉතාමත්ම කලාතුරකින් දවසකය. එය සමහර විට පවුලේ අයෙකුගේ උපන්දින සාදයක් විය හැකිය. නැතිනම් වෙනත් විශේෂ අවස්ථාවකට සීමාවු දෙයක් බවටද පත්විය හැක. මේ අපේ ජිවිතයයි. මෙතරම්ම දියුණු වු තාක්ෂණික යුගයක වාසය කරණ මිනිසුන් වන අපගේ ජිවිතයයි. ඒ ජිවිතය තුල පෙර මිනිසුන් ඇසුරු කරන ලද විවේකයද අප අහිමි කරගෙන සිටිමු. පෙර මිනිසුනට වේගෙන් ගමන් යාමට යාන වාහන නොතිබුණී, තම තමන්ගේ වැඩපල කරගැනීමට ඉතාමත් අල්ප උපකරණ ප්‍රමාණයක් පමණක් වු අතර ඒවායෙන් බොහෝ වැඩපල කරගන්නට ඔවුන්ට සිදුව තිබුණි. ඒ කාලයේ මිනිසුන්ට සැහැල්ලුවෙන් සිනාසිය හැකිව තිබුණ මුත් මෙතරම් පහසුකම් සහිත හා දියුණු යුගයක ජිවත් වන මිනිසුන් වසන ලෝකයෙන් සිනහව වියැකී යන ලකුණු පහලව තිබේ.
මිනිසුන්ගේ ජිවිත වල පෙරට වඩා බොහෝ දුෂ්චරිතයන් දැක්ක හැකිය. රූපවාහිණීය, පත්රකාලාව, ගුවන්විදිලිය හා අනෙකුත් මාධ්‍යයන්ට මුහුණ පොවා බලන විට අපරාධ ලෝකය ගැන පුවත් කීපයක් එකවැර කණ වැකෙන තරම්ම මිනිසුන් නරුම වී තිබේ. විහිළුවට කාරණාවක් වන්නේ මෙතරම් වෛද්‍ය විද්‍යාවන් දියුණුව පැවතියත් ලෙඩ රෝග එයට වඩා පියවර කීපයක් ඉදිරියෙන් නැගී සිටීමට සමත්ව තිබීමය.
සතුටින් සිටීම පිණිස මිනිසුන් මෙතරම් දේ නිර්මාණය කර ඇතත්, මිනිසුන්ගේ ජිවිත තුල පිරී ඉතිරි යන තරම් දුකත් අසහනයත් තවමත් මුල් බැසගෙන ඇත්තේ ය. එයින් අපට වටහා ගත හැකි දෙයක් ඇත. එනම් බාහිර ලෝකය තුල කෙතරම් වෙනස් කරම් කලද ආධ්‍යාත්මික වසයෙන් මිනිසා වෙනස් නොවන තුරු කිසිදිනෙක මිනිසාගේ ජිවිතයෙහි සැබෑ ගැටළුවට පිළිතුරු සොයාගත නොහැකි බවයි. වසර දෙදහස් හයසියයකට (2012 වන විට) පෙර ලොව පහල වු සම්මා සම්බුදු රජාණන් වහන්සේ එතරම් නොදියුණු තාක්ෂණික දැ නොතිබුනද මිනිසුන්ගේ ජිවිත විනිවිඳ දැක මෙම කරුණම මැනවින් අනාවරණය කරනු ලැබුයේ විශ්මය ජනක අයුරින් වීම භාග්‍යවතුන් වහන්සේගේ අසහාය වු ප්‍රඥා සම්භාරයම මොනවට මතු කර පෙන්වන්නකි. ජිවිතයක සැබෑ සුන්දරත්වයෙහි රහස හෝ යථාර්ථය කරා පියනගන්නට බුදු පියාණන් වහන්සේ ලෝකයට ලබා දුන් දායාදය අමිලය.
ආධ්‍යාත්මික ජිවිතයෙහි විශ්මිතම හෙලිදරව්ව නමින් දිග හැරෙන්නේ එයයි. ජිවිතයක් තුලට නොදැනුවත්වම පැමිණ ජිවිතය තුල ඇති අනේක විධ දුක් ගැහට අතර ස්වොත්සාහයෙන්ම හිරවී පිඩා විඳින මුත් ගැලවී ගත නොහැකි ලෝකයට එයින් ගැලවී නිදහස් වී මිදෙන මගක් ගැන කියා දුන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම ආධ්‍යාත්මික ජිවිතය තුලට පිවසීමට ඇති ස්වර්ණ ද්වාරයක් බඳුය.
ජිවිතයක මතුපිට හා එහි සැබෑ අභ්‍යන්තර යථාර්ථය දෙසට සිත් යොමන්නට පරිච්ඡේදයෙන් පරිච්ඡේදය අපත් සමග භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දහම් මාවත දිගේ පියවර මනින්නට එකතු වන්න. ඔබට ආධ්‍යාත්මික ජිවිතයෙහි ස්වර්ණ ද්වාරය විවර කරගැනීමට එය මහඟු අත්වැලක් වනු නොඅනුමානය.