අපේ වතගොත....
එය 1988 විය. කෑලෑ බද ගල්ලෙනක වැඩවසන යෝගී භික්ෂුවරයෙකි. උන් වහන්සේව බැහැ දකින්නට භද්‍ර යෞවණ වියෙහි තරුණයෙකු පැමිණෙයි. ඔහුගේ සිත තුල ඇති ශ්‍රද්ධාව එහි පැමිණිමෙන් ඔහු දැනගත් දේ නිසා තවත් වැඩිවිය. සුවිස්ට්රලන්තයෙහි ප්‍රසිද්ධ චිත්‍ර සිල්පියෙකුව සිටි උන් වහන්සේ අද නමින් සුමේධ ය. මේ සුමේධ නම් යෝගී භික්ෂු වරයාණෝ පිළිකා රෝගයක් සමග හුදකලා සටනක නිරතව සිටීයහ. පිළිකා උවදුරට ඉඩක් නොදීම භාවනාවේ යෙදුණහ ජිවිතයේ අවසන් දින කීපය හැර පිණ්ඩපාතයෙන්ම සපයා ගත් දානය වැලදුහ. හැකි හැම අයුරින්ම තමන්ගේ වීවේකය රැකගෙන කටයුතු කළ මේ ස්වාමීන් වහන්සේ ගැන මතකය ඉහත තරුණයාගේ සිතෙහි තදින් කා වැදුණී.
පසුකාලයේදී වැල්ලවත්තේ සීලගවේසී නමින් පැවිදි දිවියට එළඹෙන ඉහත සදහන් භද්රයෞවනයෙහි සිටි තරුණයා. තම පැවිදි ජිවිතයෙහි අද්දැකීම් සමග කාලය ගෙවමින් සිටියි. උන් වහන්සේට මේ අතර වත්තේගම මැණීයන් කෙනෙකු සුන්දර කදුයායක් පාමුල , ගලා ඇදෙන ගංගාවකට යාබදව මනරම් භූමිභාගයක් සෙනසුනක් ලෙස පවත්වාගෙන යන්නට පුජාකරනු ලැබුනෙන් තම හදවතේ තදින් කා වැදුණු ඉහත සදහන් ගුණ වෘද්ධ භික්ෂුවරයාණන් වහන්සේට කරන උපහාරයක් ලෙස එම සුන්දර භූමිය තුල ඉදිවෙන සෙනසුනට ශ්‍රි සුමේධ යන නම එක් කරනු ලැබීය.
එය දෙස් විදෙස් සැදැහැවතුන් සදහා ධර්මය පුහුණු කරන්නට ඇති නිසංසල විවේකී භූමියක් විය යුතු බැවින් එය ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් ලෙසින් පවත්වාගෙන යනු ලබයි. දැනට වසරකට මදක් වැඩි කාලයක් පුරා ඉදිකිරීම් කටයුතු කරමින් යන අප කුටි සෙනසුන් තුනක් හා අනෙකුත් අත්‍යාවශ්‍යක පහසුකම් ගොඩනගමින් සිටින්නෙමු. මේ පුණ්‍ය භූමිය තම තමන්ගේ ආධ්‍යාත්මික ජිවිතයෙහි ගවේසණ මධ්‍යස්ථානයක් බවට පත්කරගන්නට කැමැති ඔබ හැමටම ඒ සදහා ඉඩත්, ආරාධනාවත් ඇති බව අප මෙයින් මෙසේ පවසා සිටිමු.

ශ්‍රි සුමේධ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය.
ගෝමරේ පාර
තවලන්තැන්න.
දුරකථන අංකය 0813837983
0714185820
ගෝමරේ පාර
තවලන්තැන්න.
දුරකථන අංකය 0813837983
0714185820