ජීවිතය සැපවත් කරන බෞද්ධ භාවනාව 3 (මෙත්සිතක මෘදු පහස 2)
.
මෛත්‍රිය වැඩීමෙහි අනුසස් හා මෛත්‍රි භාවනාව වඩන අයුරු ගැන ජිවිතය සැපවත් කරන බෞද්ධ භාවනාව දෙවෙනි ලිපියෙන් හදුන්වා දෙන්නට යෙදුණු අතර ඒ ගැන වැඩිදුරටත් යමක් කීම සදහා මේ ලිපිය තුලින් අදහස් කරමි. මෛත්‍රිය යනු අන් සත්වයන්ට සැප උපදවනු කැමැති බවයි. තමන් සේම අනිත් අයටත් කායික හා මානසික පිඩාවන්ගෙන් තොරව වාසය කිරීමට හැකි නම් කොපමණ හොදද යන සිතිවිල්ල පවා කෙතරම් යහපත් දැයි සිතා බලන්න. ඔබ ඔබේ හොදම යහළු යෙහෙළියන් සමග වාසය කරන විට අරක ගන්නද එහෙම නැත්නම් මේක ගන්නද කියා හෝ ඇසීමක් කලයුතු නොවේ. මක් නිසාද ඔවුන් හැම දෙනාම වාගේ තමන් ප්‍රාණ සම යහළුවන් වන බැවිනි.
මදක් සිතන්න. ඔබ යමෙකුගේ නිවසට ගිය විට එහි සිටින අය නාදුනන පිරිසක් නම් ඔබට ඒ නිවසේ තමන්ගේ නිවසේ මෙන් හැසිරීමට ඉඩක්
නැත. ඔවුන් ඔබ කෙරෙහි අනුකම්පා සහිත වුවත් ඔබගේ හිත ඔබට එය සැහැල්ලුවෙන් ගෙන පසුවෙන ලෙසට පවසන තුරාම ඔබේ සිතට එකගව අවට පරිසරය තමන්ට වඩාත් සමීප බව වැටහෙන තුරාම ඔබ ඒ නිවසේ ආගන්තුකයෙකු බවට පත් වේ. මෙවන් අවස්ථාවකදී ඔබ පත්වෙන අපහසුතාවය ගැන ඔබ සිතා තිබේද..? සත්‍ය වසයෙන්ම එය මහත් අපහසු කටයුත්තකි. ඔබට යමක් කන්නට ඕනෑ වුනත් ඔබ බෙදාගන්නේ වෙන එකකි. ඔබට යමක් කියන්නට ඕනෑ වුනත් ඔබට සිදුව ඇත්තේ තුෂ්නීම්භූතව සිටීමටයි. ඔබගේ ශරීරකටයුතු පවා ඔබට නිදහසේ සිදුකරගැනීමට ඔබගේ සිත ඔබට ඉඩ නොදෙයි ඒ මක් නිසාද ඔවුන් තවමත් ඔබට නුහුරුයි. ඔවුන් ඔබ ගැන කුමක් සිතනවා ඇද්ද. ඔවුන්ට ඔබේ පැමිණිමෙන් කරදරයක් වීද. ඔබේ සිත තුල දහසකුත් ගැටළු ඇතිවා විය හැකිය.
එක්කෝ ඔබ ඔවුන්ට දොස් කියමින් නිහඩව සිටිනවාද විය හැකිය. එහෙමත් නැත්නම් ඔබේ සිත තුල තෙරෙපෙන සිතිවිලි වලට හිරවී වාසය
කරනවාද විය හැක. මේ සියල්ලම පාහේ මා පැවසූයේ නුහුරු නුපරුදු බවකදී අප පත්වෙන අපහසු දුක්ඛ දායක තත්වය පෙන්වා දීමටය. මේ හැම දෙයක්ම ඇත්තේ නුහුරු බව හා නුපුරුදු බව නිසාය. මෛත්‍රියෙන් යුතුව වාසය කරනු ලබන කෙනෙකුගේ මේ තත්වය බොහෝ සෙයින් වෙනස් වේ මක්නිසාද ඔහු ලෝකයට ම තම මෙත් සිත පතුරුවන බැවින් හා ලෝකයෙහි සෑම කෙනෙකුම තමන්ගේ සමීපතම කෙනෙකු සේ හැගෙන බැවිනි.
මෛත්‍රි භාවනාව හුදු වචන මාලාවක් පමණක් නොවී සිතිවිලි දාමය හා හැගීමක් ලෙස මුසුකල යුතු බව මා ඉහත ලිපියේදී ඔබට පවසා ඇත්තෙමි. එය එසේ සිදු කරන්නට නම් ඔබ පවසන වචන වල අරුත් හදවතට සමීප ලෙසින් අර්ථ වැටහී තිබිය යුතුය. එබැවින් මෛත්‍රි භාවනාව සදහා යොදා ගන්නා වාක්‍යයන් තුල ගැබ් වී ඇති වචන ගැන වැඩිදුර විස්තරයක් මේ ලිපියෙන් සැපයීම මෙහි අරමුණයි. අප භාවනාව සදහා යොදාගන්නේ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා. යන වචන දාමයයි.
වෛරය. වෛරය යනු සිතතුල විවිධ හේතුන් නිසා හොගනැගෙන මහත් දැවිලිතැවිලි ඇති කරන සිතිවිල්ලකි. එය කිසිවිටෙකත් සහනය පිණිස නොපවතින අතර ඒ තුලින් සිදුකරන දේවල් නිසා ආනාගතයද දුක් දොම්නස් වලින් පිරී යයි. වෛරී සිතිවිලි වලින් යුතු තැනැත්තා සමාජයට අප්‍රසන්න කෙනෙකු වනවා මෙන්ම. ඔහුට හරියාකාරව නින්ද යන්නේ ද නැත. එසේම නොයෙකුත් ශාරීරක රෝගීතත්වයන්ද එම මානසිකත්වය නිසා කාලයක් යන විට ඇති වන බැවින් බොහෝ දුක් සහිත ජිවිතයකට අපව ඇද දමන මහා භයානක විෂබීජයක් වැනිය. එබැවින් වෛරී සිතිවිලි යම් කෙනෙකු තුල වේද ඔහු තුල කායික සැපතත් මානසික සැපතත් නැත. ඇත්තේ දුක් පිඩාවන් හා අසහණකාරී මනෝභාවයන්ය. එබැවින් වෛරී සහගත මනසකින් තොරව සත්වයන්ට වාසය කල හැකි නම් එය ඔවුන්ගේ හා සමාජයේත් මහත් යහපත සැපත පිණිසම වන්නේ ය. වෛර නොවෙමි යන්නෙන් තමන් තුල අවෛරී සිතිවිලි පෝෂණය හා වැඩිදියුණුව බලාපොරොත්තු වෙන අතර වෛර නොවෙත්වා යන්නෙන් ඉන් බැහැර සත්වයන්ගේ ජිවිත තුලත් ඒ සුන්දර පරිසරය නිර්මාණය වෙනු දැක්ම අපේක්ෂා කරයි.
තරහ. තරහා වීම යනු ද මනස තුල මහත් දුකක් ඇති කරවන අසහනය ඇති කරවන තවත් එක් මනෝභාවයකි. ඒ නිසාම තවත් මනසේ ගොඩ නැගෙන අකුසල රාසියකි. ඒවා නිසා මනස තුල යම් සහනකාරි ස්භාවයක් වීද ඒද අතුරුදහන්ව යේ. තරහ අද්දැකීමෙන්ම දන්නා අප විසින් ඒ ගැන ස්වයං අධ්‍යයනයක් කර බැලීම වඩාත් උචිත වේ. එවිට ඔබේ මනස ක්‍රියාකරන අයුරු හා ඇති සැප නැති කරගනිමින් බොහෝ දුක් ඇති කරගන්නා අයුරුත් දැක්ක හැකි වෙනු ඇත. මේ කියන ලද ද්වේෂයෙන් මිදීම මහත්ම සැපතකි. එබැවින් එය තමන් තුල හා අන්‍යන් තුල අද්වේෂී මනෝභාවයන් වගා කරවිම මෛත්‍රි භාවනාවෙන් අපෙක්ෂා කරනු ලබන අතර එය හුදු වචනයකට සීමා නොවුනු ආධ්‍යාත්මික පුහුණුවක් විය යුතුය.
නිදුක් වෙමි. නිරෝගී වෙමි සුවපත් වෙමි යනු ලෙඩ දුක්, බිය, රහිත සැපසේ ජීවත් විය හැකි වෙත්වා යනුයි. තමන් තුල මෙන් ම අන්‍යයන් තුලද එම යහපත් සුවදායී පරිසරය නිර්මාණය වෙනු දකිනු කැමැති සිත එයට සහයෝගය දෙනු ලබයි. එයින් පරිබාහිර අදාන්ත ක්‍රියාවන්ට නොනැමේ. කව්රුන් හෝ ද්වේෂ සහගත ක්‍රියාවක නිරත වූවද එය මෛත්‍රි අරමුණින් ගැනීමට හා වහා වටහාගෙන කටයුතු කිරීමට මෛත්‍රි භාවනාවෙන් යුතු යෝගියාට හැකියාව වැඩිදියුණු වේ. ගිනි ගන්නා පරිසරයක් ජලයෙන් සම්පුර්ණයෙන්ම තෙත් කල විට ඒ සිසිලස තෙත් ගතිය තිබෙන තුරාවට යලිත් ඒ පරිසරයට ගිනි තැබීම ලෙහෙසි නොවේ. මක් නිසාද ගිනි ගන්නට අවශ්‍ය පරිසරය එතැන දැන් නොමැති නිසාය. මෛත්‍රි වඩන සිත තුල මෙත් සිහිල හොදින් පවතින අතර වෛරයේ ගිනිදළු වලට එහි ඉඩක් නොලැබේ. එබැවින් මෛත්‍රි භාවනාව තුලින් ඔබත් ඔබේ සිතේ අභ්‍යන්තර මනෝ භාවයන් පෝෂණය කරමින් ආධ්‍යාත්මික ධරා ගැනීමේ හැකියාව වැඩිදුරටත් වර්ධනය කරගන්නට උත්සාහ කරන්න.
ඔබ අතෙහි ඇති පිදුරු මිටිය තෙමා ගන්න. එවිට ඔබට අන් අය එයට ගිනි තබනු ඇතැයි බිය විය යුතු නොවේ. ඔබට අවැසි විට ගිනි ගන්නා වෙනත් තැන් වලද ගින්න නිවීමට ඒ පිදුරු මිටියම වුව භාවිතා කල හැකිය. තෙරුවන් සරණයි.