දහම් පොත පත ගැන ඔබේ දැනුමට...
පොත් ප්‍රදර්ශණයකදී සහ කෙනෙකුට තෑගි පිණිස පොතක් ගනිද්දි ද එය සම්පුර්ණයෙන්ම කියවා ගන්නට අපට හැකියාව නැත. සමහර පොත් මිලදී ගත්තද පසුව එය කියවා ගත්තේ අපරාදේ යැයි සිතෙන වාර ඇත. එබැවින් දහම් පොත් තෝරා ගැනීමේදී උපකාරයක් වනු පිණිස මෙහි දහම් පොත පත ගැන හැකි පමණින් විස්තරයක් එකතු කිරීම අපගේ අභිලාසයයි.
තායිලන්තයෙහි වැඩ සිටි ශ්‍රේෂ්ඨ භාවනාචාර්ය වරයෙකු වන පුජ්‍ය අචාන් චා මාහිමියන් වහන්සේගේ දේශනා ඇසුරින් සකස් කරන ලද මෙම ධර්ම ග්‍රන්ථය භාවනාමය අද්දැකීම් තුලට තවමත් ආධුනික මුත් භාවනාව දියුණු කරගනු කැමැති අයට ඉතාමත් ම යහපත් පොතකි. එයින් භාවනාව ගැන බොහෝ කරුණු විවරණය කෙරෙන අතර පොත පරිච්ඡේද 9යකින් සමන්විත ය.
ඒවා නම්.... 01.පුහුණුවීමේ මාර්ගය 02.නොසැලෙන සංසුන් මනස 03.සැනසුමට මග 04.පුහුණුව පිළිබඳ විශ්වාසය 05.ප්‍රඥාවේ පැහැදිලි බව 06.සැක නොකරන්න 07.දැනුවත් බව පවත්වා ගන්න 08.මෙනෙහි කිරීම යනු කුමක්ද ? 09ගැට පද විවරණය ඉහතින් සදහන් මාතෘකා ඔස්සේ දිගහැරෙන මේ ධර්ම ග්‍රන්ථය භාවනාව දියුණුවට කැමැති අයට ඉතාමත්ම හොද ධර්ම ග්රන්ථයකි. “ මා ධර්මය පුහුණු වුයේ දැනුම් සම්භාරයක් ඇතිව නොවේ. මා යන්තමින් දැන සිටියේ සීලයෙන් නිවන් මග ඇරඹෙන බවයි. මාර්ගයේ සුන්දර ඇරඹීම සීලයයි එහි අලංකාර මැද කොටස සමාධියෙහි ඇති ගැඹුරු ශාන්ත බවයි. අලංකාර අවසාන ප්රඥාවයි. පුහුණුවෙහි අසහාය අංග ලෙස ඒවා වෙන් කළ නොහැකි වූවත්, අප ඒ දෙස තව තවත් ගැඹුරින් සලකා බැලිමේදි, එම ගුණාංග තුනම එකක් බවට ඒකරාශී වන බව පෙනේ ශීල ය රැක ගැනීම සඳහා ඔබ ප්‍රඥාවන්ත විය යුතුය. “ මෙවන් අගනා දහම් කරුණු දිගහැරෙන මේ දහම් ග්‍රන්ථය ඔබේ ජිවිතයට සොදුරු ආලෝකයක් වේවා. |