අප බොහෝ දුර සිට පැමිණ ඇත්තෙමු. පටන් ගැන්ම හෝ අවසානය ගැන අපට වැටහීමක් නොමැත. උපත හා මරණය අතර එහෙන් මෙහාටද මෙහෙන් එහාටද සංක්‍රමණය වන අප දුකින් පිරී ලෝකය තුල සැරිසරන්නේ මහත් වෙහෙසට පත් වන්නමෝ වෙමු.
අතෘප්තිකර ජීවිතයෙහි ඇති ස්භාවය එයයි. කොපමණ තිබුණත් කොතෙක් ලැබුනත් මේ සිත ඇති නොකියයි. තෘප්ත නොවෙයි. සැහැල්ලු බවට පත් නොවේ. අසහණය දොම්නසට නිරතුරුව ඇද වැටෙන සිත නිමක් නැති බැදුමන්ගෙන් නිදහස්ව මේ දුක් ගංගාවෙන් එතෙර වන්නේ කවදාද..
නිමක් නැති සසර ගමනට නැවතුමේ තිත තබන්න. දහම් මාවතක් අපගේ වාසනාවට අපට ලැබී තිබේ. උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් සැදුම් ලත් ඒ උතුම් දහම් මාවත අපට සොයා දැන දේශනා කොට වදාළේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මූනීන්ද්රයන් වහන්සේ වන අපගේ භාග්‍යවතුන් වහන්සේය. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේම නුවණීන් දැන දැක උතුම් ශ්‍රි සද්ධර්මය දේශනා කොට වදාළ සේක. අමා නිවන් සුව ලබා දෙන ඒ දහම් මග වෙත සුපැමිණී අෂ්ඨාර්ය පුද්ගල වු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ජිවිත පුරා පැතිර ඇති සියළු දුක් අදුර නිමා කර අමා නිවනින් සැනසී වදාළ සේක. මේ උතුම් තිසරණය පෙරමුනේ තබාගෙන අරුතක් නැති ජිවිතයට අරුතක් සොයා යන්නට උත්සාහ දරන ඔබට ඒ සදහා මග පෙන්වීම අපේ අරමුණයි.
මේ වෙබ් අඩවිය හා බ්ලොග් අඩවිය ඒ වෙනුවෙන් මෙතැන් සිට කටයුතු කරනු ඇති. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය ඇතුලත් ත්‍රිපිටකයෙහි සුත්‍ර දේශනාවන් අකාරාදී පිළිවෙලට සකස් කරමින් ත්‍රිපිටකය පරිසීලනය කරන ඔබට පහසුවක් වීමටද උදක් අප මෙයින් බලාපොරොත්තු වෙමු. ඔබවත් නොදන්න ඔබේ ජිවිතයේ රහස සොයා යන්නට මේ දහම් මාවතට උපකාර කිරීම ශ්‍රි සුමේධ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයෙහි අපගේ අරමුණයි. උතුම් තිසරණයෙහි සැබෑ පිළිසරණ සැමට ලැබේවා.