Picture
බුදු රජාණන් වහන්සේ රජ සැප සහිත ගිහි දිවිය අත්හල සේක. ජිවිතයේ සියළුම අපෙක්ෂාවන් ඉවතලා. ඒ උතුම් අමා නිවනට පත්වීම එකම ඉලක්කය කරගත් සේක. එසේ කරගත් බෝසතාණන් වහන්සේ අප්‍රමාණ වු වීර්‍යය ගෙන ලෝකයේ කිසිවෙකුත් නොදැන සිටි ඒ තථාගත ශ්‍රි සද්ධර්මය අවබෝධ කොට වදාළ සේක. එසේ අවබෝධ කරගත් ධර්මය තුලින් අතීතයත් අනාගතයත් වර්ථමානයත් දුටු සර්වඥයන් වහන්සේ. ලෝකය හා ලෝකය තුල පවතින ක්‍රියාකාරීත්වය ගැන මනා අවබෝධයෙන් යුතුව ලෝකය ඇසුරු කල සේක. 

නොයෙක් දුක් ගිනි හා මුසුව දිවිගෙවන සත්වයන්ගේ ඒ සියළුම දුක් ඇති වෙන අයුරු හා ඒවා පවතින අයුරුත්, ඒවායෙන් ඒ අයට මිදිය නොහැක්කේ මක්නිසාද යන වගත් දැක වදාළ බුදු රජාණන් වහන්සේ මහත් කරුණාවෙන් යුතුව ඒ බව ලෝකයට පෙන්වා වදාළ සේක. මෙසේ වදහල දහම් මග කිසිවෙකුටත් බලෙන් නොදුන් මේ ධර්මය හැම විටම නුවණෑති සත්පුරුෂයන්ට පමණක් ගෝචර වන දහම් මගක් බව පෙන්වා දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙන්නන් වාලේ ජිවත් වීම හා අකුසලයන් සමග ගෙවන ජීවිතය අගය නොකල අතර හැම විටම ධර්මයෙන් යුතුව ගෙවන අර්ථයක් කරා යන ජීවිතයම අගය කොට වදාළ සේක. ඒ මිනිසුන් තුල ධර්මය කෙරෙහි උනන්දුවක් ඇති කරවීම පිණිස නොව සත්‍යයත් යථාර්ථයත් එය බැවිනි. 

එවැනි අවස්ථාවක භික්ෂුන් වදාළ ගාථාවක් මෙසේ ය. 

යො ච වස්‌සසතං ජීවෙ, අපස්‌සං ධම්‌මමුත්‌තමං;
එකාහං ජීවිතං සෙය්‍යො, පස්‌සතො ධම්‌මමුත්‌තමං.

යමෙක් කෙනෙක් අවුරුදු සියයක් උතුම් ධර්මය නොදැන ජිවත් වුවත් ඒ තැනැත්තාගේ ජීවිතයට වඩා ධර්මය අවබෝධ කරගත් තැනැත්තාගේ එක දවසක ජීවිතය වටින්නේ ය. 

හින්දූ යෝගීන් නිසා ලොවට දායාද වු ජොතිස ශාස්ත්‍රයට අනුව එළඹෙන සිංහල හින්දු අළුත් අවුරුද්ද ජිවිතය හා තදින් බැදී ගිය ආගමික චාරිත්‍රයක් වැනිව ඇත. ඒ හැමටම ඒ බුදු රජාණන් වහන්සේ විසින් ලබා දුන් දහම් අවවාදය වටහා ගෙන මේ ඇරඹෙන වසර තුල ධර්මය සමීප වන්නට කටයුතු සලසා ගනිමින් බුදු වරුන් විසින් පසසන ලද සත්පුරුෂයෙකු වන්නට වාසනාව ලැබේවායි පතමි. සියළු දෙනාට මේ ලබන්නා වු වසර තුල සීලාදී ගුණ දහම් මත ගුණ දියුණු කරන්නට ශක්තියත් බලය ලැබේවා

පෙර ලෝකය තුල වාසය කරන ලද සාධු සිත් ඇති සත්පුරුෂයන් විසින් ලෝකයට අරුතක් වනු පිණිසත් සමගි දහම් වැඩි දියුණු කිරීම පිණිසත් සම්මත කරන ලද මේ යහපත් චාරිත්‍ර වාරිත්‍ර වලට එක්කරගෙන ඇති දෙලොව වනසන මහා අකුසල දහම්වලින් වැලකී කටයුතු කරන්නට සිත් පහල වේවා. මත් පැන් මත් ද්‍රව්‍ය මත්කුඩු වලින් තොරව කටයුතු කිරීමේ වටිනාකම හැමගේම සිත් සතන් තුල පහල වේවා. තෙරුවන් සරණයි. 





Leave a Reply.