Sri Sumedha International Meditation Center
  • Home
  • Blog
  • Download
  • Link to buddhist site
  • Albums
    • Photos>
      • Opening Ceremony of Nuwanka kutiya
      • 2012/03/18
      • 2011න්
    • Videos
  • Meditation
    • මෙත්සිතක මෘදු පහස 2
    • ජිවිතය සැපවත් තරක බෞද්ධ භාවනාව
  • Contact us
  • pirith potha
    • කරණීය මෙත්ත සුත්‍රය
    • මහා මංගල සුත්‍රය
    • රතන සුත්‍රය
    • New Page
    • ඇණවුම් පිරිත
  • Freeware
  • Tripitaka
    • සුත්‍ර දේශනා අකාරාදී නාමාවලිය.
    • බුද්ධජයන්ති ත්‍රිපිටකය
    • CSCD sinahala tipitakaya
    • ත්‍රිපිටකය සිංහලෙන්
    • English Translation
    • metta.lk
  • ssimtv
  • පොත් ගැන විස්තර
Picture

වසර 114කට පෙර කපිලවස්තු පුර කැණීම් වලදී සොයා ගත් 
සර්වඥධාතුන් වහන්සේලා.

ගෞතම මුනිදුන්ගේ ශ්‍රි ශරිරය ධරා සිටි ධාතුන් වහන්සේලා වන්දනාවට 
වැඩියෙමි.

Picture
1898 වර්ෂයේදී කිඹුල්වත් නුවර ආශ්‍රිත ස්ථුප පද්ධතියක කැණීම් කටයුතු කරමින් සිටියදී හමුවු මංජුසාවක තිබී සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රි දේහය අදාහනය කරවා ශාක්‍යයන්ට ලබා දුන් ධාතුන් වහන්සේලා සොයා ගන්නා ලද අතර එය නව දිල්ලි කෞතුකාගාරයෙහි මහත් ආරක්ෂා සහිතව තැන්පත් කර තබන ලදි.  1974 වර්ෂයේදී පලමු වෙනි වතාවට ඉන්දියාවෙන් පිටතට වැඩම කරවීම වසයෙන් එම ධාතුන් වහන්සේලා ශ්‍රි ලංකාවට වැඩම කරවන ලද අතර ඉන් වසර  38කට පසුව  අතිගරු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මැතුමාගේ ඉල්ලීමකට අනුව 2012.08.19 දින යලිත් ශ්‍රි ලංකාවට වැඩම කරවන  ලදි. එම සර්වඥ ධාතුන් වහන්සේලා දිවයිනේ ස්ථාන කීපයකදී සැදැහැවතුන්ට දැක බලා වන්දනා කරගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර  19-20-21 යන දිනයන්හි කැළණීය මානෙල්වත්ත විහාරස්ථානයෙහි දී එම උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්නට අපටද අවස්ථාව සැලසුනි.

අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සම්බුද්ධ දේහය ධරා සිටි එම ධාතුන් වහන්සේලා දැක බලා ගන්නට වැලනොකැඩි සැදැහැවතුන් පැමිණෙන අයුරු දැක්මෙන් මා තුල සැදැහැමුසු මහත් සොම්නස් බවක් ඇති විය. වසර 2000ස් ගණනක් මුලුල්ලේ මිහිමත නිදන්ව පැවත, වසර 114ට පෙර යලි සොයාගෙන ඇති එම ධාතුන් වහන්සේලා දැක වැද පුදා ගන්නට මිනිසුන් මේ තරම් පෙලගැසී සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව නිසාවෙනි. එය ඔවුන්ගේ ජිවිත වලට මහත් පුණ්‍ය භාග්‍යයක් එක් කරනු ඇති. 

ධාතුන් වහන්සේලා වැඩ සිටින මන්දිරය වෙත ඇතුල් වු අපට ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබු මණ්ඩපය වෙත ගොස් සැදැහෙන් දැක වන්දනාමාන කරගතිමි. මේ මහා භද්‍රකල්පයෙහි සතර වෙනි වරට ලොව පහල වී වදාළ  ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රි සර්ඥධාතුන් වහන්සේලා වන්දනා කරගන්නට අපට උපකාර කලාවු සියළුම දෙනාට ඒ පින උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය වහා වහා අවබෝධ කරගැනීම පිණිස වේවා. 

Picture

.

Picture
.

.

Picture
.

.

Picture
.

Powered by Create your own unique website with customizable templates.