ඔබට පුණ්‍යවන්ත වු සුබ උපන් දිනයක් වේවා. තෙරුවන් සරණයි.

උපත හා මරණය අතර කාලයටත් අවකාසයටත් අයත් වු යමක් වෙද්ද ඒ වනාහී අපගේ ජිවිතය ලෙස අර්ථ දැක්වීය හැකිය. ජිවිතය ගැන අප එසේ සිතුවද එහි උපතින් එහා දෙයක් හා මරණයෙන් පසු සම්බන්ධතාවයක්ද ඇත්තේ ය. එතරම් දුරකට සිත් නොහෙලිය හැකි අපට ජිවිතය යනු උපත හා මරණය අතර කාලය පමණි. 

කෙලෙසක හෝ අප උපන් බැවින් අද අප ජිවත් වෙමු. ජිවිතය ගත කළ හැකි ක්‍රම දෙකකි. එකක් අවබෝධයෙන් යුතුව ජිවත් වීම හා අනෙක ජීවත් වෙන්නන් වාලේ ජිවත් වීමය. මේ දෙකින් දෙවැන්න අනුගමනය කරන තැනැත්තාගේ ජිවිතය බොහෝ දුක් තැවුලෙන් පිරිණු පුංචිම දේටත් මහා දුකක් ඇති කරන්නේ ය. මක්නිසාද වැරදි සහගත දැක්ම හා චින්තනය ඔහු හෝ ඇය  සිදුවීම් හා දේවල් අතර මහත් වෙහෙසකට පත් කරවන බැවිනි. 

නමුත් පලමු වැන්නා අවබෝධයෙන් යුතුව කටයුතු කරන අතර ඔහු ජිවිතයේ දුකත් සතුටත් ගැන යම් වැටහීමකින් යුතුව කටයුතු කරන්නෙකි. දුක හා සතුටට දිය යුතු නිසි වටිනාකම ලබා දෙන ඒ තැනැත්තා ඒවා නිසා වෙහෙසට පත් නොවේ. අපගේ ජිවිතයේ අපට ලැබුන දේවල් වලින් සතුටු වීමට වඩා අප කර ඇත්තේ නොලැබුණ දේ ගැන සිතා දුක්වීම නොවේද.? මදක් සිතන්න. ජිවිතය තුල පවතින මායාවත් යථාර්ථයත් ඔබට තොරාගැනීම කෙතරම් වටින්නේ දැයි ඔබට වැටහෙනු ඇත.

බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ද. ආකල්ප හා දැකීම් වඩාත් නිවැරදි ලෙසට හසුරුවා ගත හැකි නම් ඒ ජිවිතය තුල අපට මහත් යහපතක් උදා කරගත හැකි බව හා ඒ නිසා බොහෝ ජිවිත ගනනාවක් වුවද යහපත් පුණ්‍යවන්ත සැපවත් බවට පත් කරගත හැකි බවය. 

අද දවසේ උපන් දිනය සමරණ සැමට මෙය දහම් තිළිණයක් වේවා යනු අපේ මෙත් ප්‍රාර්ථානාවයි. තෙරුවන් සරණයි.



Leave a Reply.